Ads

දැන්වීම් නැරඹීමෙන් මුදල්


දැන්වීම් නැරඹීමෙන් මුදල් 


 අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.    එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .  ඒවා තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
  එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර 
කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම් තත්වය තවත් හොදයි. ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න.
   හැබයි මේ ආකාරයේ  හැම PTC වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ BUX.to ,ONBUX හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව. 
       මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Alert Pay (payza)  බැංකු ගිණුමක් තිබිය යුතුයි. Alert Pay (payza) ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක් නොමැතිනම්  මෙතනින් ගොස් පහසුවෙන් ගිණුමක්  හදාගන්න.  අන්තර්ජාල බැංකූ ගිණුම් පිළිබඳව අවබෝදයක් ලබාගන්න.
ඔබට Alert Pay (payza) එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

   එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.
 උදාහරණයක් ලෙස ඔබට පමණක්  ඔබේ  පරිගණකයෙන් Clicksia,  හා NeoBux  යන ගිණූම් 3 ම සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි.